(60) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
I පත්‍රය - කාලය පැය 01 යි.
බහුවරණ ප්‍රශ්න 40 කින් සමන්විත වේ. ව්‍යාපාර අධ්‍යයනය විෂය කොටසින් ප්‍රශ්න 16 ක් ද ගිණුම්කරණය විෂය කොටසින් ප්‍රශ්න 24 ක් ද ඇතුළත් වන ලෙස මෙම ප්‍රශ්න පත්‍රය සකස් කෙරේ. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුයි. එක් ප්‍රශ්නයකට ලකුණු 01 බැඟින් මුළු ලකුණු 40 කි.
II පත්‍රය - කාලය පැය 02 යි. මුළු ලකුණු 60 කි.
පළමුවන ප්‍රශ්නය අනිවාර්ය වන අතර, ඊට අමතරව I කොටසෙහි ප්‍රශ්න තුනකින් දෙකකටත්, II කොටසෙහි ප්‍රශ්න තුනකින් දෙකකටත් වන සේ ප්‍රශ්න පහකට පිළිතුරු සැපයිය යුතුය.
අනිවාර්ය පළමුවන ප්‍රශ්නය :-
මෙය කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 10 කින් සමන්විත වන අතර ඉන් ප්‍රශ්න හතරක් ව්‍යාපාර අධ්‍යයනය විෂය කොටසින් ද, ප්‍රශ්න හයක් ගිණුම්කරණය විෂය කොටසින් ද, ප්‍රශ්න හයක් ගිණුම්කරණය විෂය කොටසින් ද සකස් කෙරේ. එක් ප්‍රශ්නයකට ලකුණු 02 බැඟින් ලකුණු 20 කි.
I කොටස - ව්‍යාපාර අධ්‍යයනය.
මෙම කොටස ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාළ ව්‍යුහගත ප්‍රශ්න තුනකින් සමන්විත වන අතර, ඉන් දෙකකට පමණක් පිළිතුරු සැපයිය යුතුය. එක් ප්‍රශ්නයකට ලකුණු 08 බැඟින් ලකුණු 16 කි.
II කොටස - ගිණුම්කරණය.
මෙම කොටස ගිණුම්කරණය විෂයට අදාළ ව්‍යුහගත ප්‍රශ්න තුනකින් සමන්විත වන අතර, ඉන් දෙකකට පමණක් පිළිතුරු සැපයිය යුතුය. එක් ප්‍රශ්නයකට ලකුණු 12 බැඟින් ලකුණු 24 කි.
අවසාන ලකුණු ගණනය කිරීම :
I පත්‍රය = 40II පත්‍රය = 60
අවසාන ලකුණු = 100



0 Comments