ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය හැඳින්වීම


(60) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය


ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය නව විෂය නිර්දේශය වර්ෂ 2015 සිට ක්‍රියාත්මක කරන ලදී. එමඟින් ශිෂ්‍යාගේ ඉදිරි පෞද්ගලික දිවි පැවැත්මට අවශ්‍ය මඟපෙන්වීමක් සිදු කිරීමට ඉවහල්වන ව්‍යාපාර දැනුම හා කුසලතා වර්ධනය, පාරිභෝගික දැනුම වර්ධනය, ගණුදෙනු සටහන් කිරීම, ව්‍යාපාර ප්‍රතිඵල ඇගයීම, තොරතුරු තාක්ෂණය, ඉතිරිකිරීම හා ආයෝජනයට නැඹුරු කිරීම, ව්‍යාපාර කළමනාකරණය ආදී අංශ පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීමට බලාපොරොත්තු වේ. 

එමෙන්ම මෙම විෂයය ඉගෙනීමෙන් ව්‍යවසායකයන්, කළමනාකරුවන් සහ වෙනත් වෘත්තීකයන් බිහිකිරීමට මූලික පදනමක් ගොඩනැගෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ තුළින් රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

එසේ ඉගෙනීමෙන් ප්‍රතිඵල ලබා ජීවිතයේ අවසානය දක්වාම ඵල ලබන, සමාජයට බරක් නොවන, සමාජ වගකීමෙන් යුතුව කටයුතු කරන, වෙනස්වන ලෝකයේ තත්ත්වයන්ට අනුකලනය විය හැකි පුරවැසියන් බිහිකිරීමට මෙම විෂයමාලාව ඉවහල් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

විෂය අරමුණු :-


  • ව්‍යාපාර ආශ්‍රිත වෘත්තීයකට නැඹුරුවීම හෝ තමාගේම ව්‍යවසායක් ආරම්භ කිරීමේ හැකියාව ඇති කිරීමට.
  • ව්‍යාපාර ගණුදෙනු වාර්තා කිරීමට, පිටපත් කිරීමට හා ව්‍යාපාරයක අවසාන මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමට.
  • මනා කළමනාකාරිත්වයක් සහ අවබෝධයකින් යුතුව ව්‍යාපාරයක් පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට.
  • සමාජ වගකීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයකු / පාරිභෝගිකයකු බවට පත් කිරීමට.
  • ඉලෙක්ට්‍රෝනික ගත වාණිජ්‍යය හා ගිණුම්කරණය පිළිබඳ මූලික හැකියා ලැබීමට.



Post a Comment

0 Comments